කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව අශෝක රංවල මහතා අද (13) පස්වරුවේ නිවේදනය කර තිබේ.
ඉල්ලා අස්වීම පිළිබඳව අශෝක රංවල මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති අතර තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තමා විසින් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් කර නොමැති බවයි.
එහෙත් එම සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකිවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බැවිනුත් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බැවිනුත් ඒවා මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බව නිවේදනයේ සඳහන් විය.
තමාට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකිවිලි ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරිමට අදහස් කරන බව ද අශෝක රංවල මහතා පැවසීය.
කෙසේවෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් ඒ කෙරෙහි විශ්වාසය තැබු ජනතාවත් අපහසුතාවට පත් වීම වැළැක්විම සඳහා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රංවල මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.