තමන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය දුන් නියෝගය අත්හිටුවන්නැයි දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්..

0

 

තමා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.

ඒ, ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ය.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලීම සඳහා කැඳවනු ලැබුවේ ය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, වග උත්තරකරුවන්ට නොතිසි ලබා දීමෙන් අනතුරුව සළකා බැලීම සඳහා ලබන 12 වැනිදා පෙත්ස ම කැඳවන ලෙසයි.




Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top