රජයේ වෛද්‍ය නිලධාරීන් තවදුරටත් වර්ජනයේ..

0

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන 8.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඉන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක් සිය නිල නිවාසය තුළදී අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමුව ප්‍රකාශ කළේ ය.

එහෙත්, සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පැවසුවේ, සැළසුම් කළ පරිදි අද උදෑසන 8.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක බවයි.

ඒ හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්විය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top