උද්දිකගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම CID අත්අඩංගුවට..

 


අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා මාලඹේදී අත්අඅඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සඳහා ආධාර අනුබල  දීමේ චෝදනාව යටතේ, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මේ වන විට අනාවරණය වී ඇත්තේ උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම, සංජීව මහානාම මහතා සමඟ එක්ව උද්දික ප්‍රේමරත්න මහතා විසින්ම සැලසුම් සහගතව සිදු කර ඇති බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනිදා, අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ පිහිටි නිවස ඉදිරිපිටදී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තබා තිබිණි.

ඉන්, මන්ත්‍රිවරයාට කිසිදු හානියක් සිදු නොවීය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads Section