අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අල්ලයි

 


කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලීමේ දී සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 720ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් බවට සැකකරෙන මුදලින් රුපියල් 98,700/-ක්ද එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හමුවී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 53 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads Section