පාස්පෝට් ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් සමාව අයදිනවා - විදේශ ඇමති අලි සබ්රි



 ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් තමා සමාව අයදින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් සැලසුම් කර ඇති බවත් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඇණවුම් කළ නව විදේශ ගමන් බලපත්‍ර ඔක්තෝබර් 16 සිට ලැබෙන බවයි.

මේ අතර ගමන් බලපත්‍ර ගැටලුව සඳහා විසඳුමක් ලැබෙන තුරු පැමිණි අනුපිළිවෙළට දිනකට ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීම පමණක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවයි.

මේ අතර නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, ඊයේ දිනය තුළ පමණක් ගමන් බලපත්‍ර 1090ක් නිකුත් කළ බවය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads Section