ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි 566 ක් දක්වා ඉහළට..

 


ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි  ලැබී ඇති බවයි.

පැය 24 ක් තුල ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමණිලි ගණන 47 කි.

සිකුරාදා පස්වරු 4.30 සිට සෙනසුරාදා පස්වරු 4.30 දක්වා කාලය තුල එම පැමිණිලි ලැබී තිබේ.

ඉන් පැමිණිලි 39 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන බව සඳහන් ය.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 16 ක් ලැබී ඇතැයි පොලිසිය පවසයි .

පොලිසිය පැවසුවේ, මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම පැමිණීලි ලැබී ඇති බවයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads Section